National Diploma in Teaching- Diploma Awarding 2022 – ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ, ජාතික ශික්ෂණවිද්‍යා ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය – 2022

ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය නායකත්වය යටතේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය මගින් පවත්වනු ලබන ජාතික ශික්ෂණවිද්‍යා ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය අදියර දෙකකින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත් වේ.

එහි පළමු අදියර වර්ෂ 2022 ඔක්තෝබර් මස 07, 08, 09, 10 යන දිනයන්හි පැවැත් වූ අතර එහි දෙවන අදියර වර්ෂ 2022 ඔක්තෝබර් මස 17 ආරම්භ කර 18, 19, 20 යන දිනයන්හි පැවැත් වේ.

2022. 10. 17 දින පෙරවරුවේ වව්නියා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය, ශ්‍රී පාද ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය, අඩ්ඩාලච්චේන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය සහ දර්ගානගර් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය යන විද්‍යාපීඨයන්හි, ජාතික ශික්ෂණවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථක ව නිම කළ ගුරුවරුන් 803 දෙනෙකු සදහා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න විසින් සහතික පත්‍ර ප්‍රදානය කරනු ලැබූ අතර

ප්‍රධාන ආරාධිත දේශනය නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨයේ ආචාර්ය ටී. සදානන්දන් විසින් සිදු කරන ලදී.

මෙදින පස්වරුවේ මඩකලපුව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය, යාපනය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය, වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය සහ පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය යන විද්‍යාපීඨයන්හි, ජාතික ශික්ෂණවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථක ව නිම කළ ගුරුවරුන් 789ක් සදහා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න විසින් ශික්ෂණවිද්‍යා ඩිප්ලෝමා සහතික පත්‍ර ප්‍රදානය කළ අතර කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ මහාචාර්ය එම්. එස්. එම්. ශිෆා විසින් ප්‍රධාන ආරාධිත දේශනය සිදු කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *