ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ගුරු අභ්‍යාසලාභීන් බඳවාගැනීමට ගැසට් කිරීමෙන් අනතුරුව ඒ විද්‍යාපීඨ වලට අදාල අයදුම්කරුවන් පිළිබඳ දත්ත අදාල විද්‍යාපීඨවලට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් එවනු ලැබේ.
එතැන් සිට අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ කාර්යය ආරම්භ වන අතර අදාළ ලිපි ලේඛන කටයුතු සියල්ල ප්‍රධාන කාර්යාලයෙන් සිදු කරනු ලැබේ. සම්මුඛ පරීක්ෂණ වල කාර්යයන් , ලියාපදිංචි කිරීම සහ පුද්ගලික ලිපි ගොනු නඩත්තුව දක්වා වූ සියලු කාර්යයන් වලට අදාල කාර්යාල කටයුතු මෙම අංශයෙන් සිදු වේ.
විද්‍යාපීඨයට අභ්‍යාසලාභීන් බඳවා ගැනීමෙන් අනතුරුව අභ්‍යන්තර අධ්‍යයන කාලසීමාවේදී ඔවුන්ගේ පෞද්ගලික ලිපි ගොනු, දීමනා ගෙවීම් සහ නේවාසිකාගාර කටයුතු වලට අදාල සියලු කාර්යාල කටයුතු පවත්වාගෙන යාම තවදුරටත් සිදු කරනු ලබයි. එයට අමතරව විද්‍යාපීඨ කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවීමට අදාල කාර්යය මෙන්ම භෞතික සම්පත් නඩත්තු කිරීම වැනි කාර්යයන් වලට අදාල කාර්යාල කටයුතු ද සිදුකරනු ලබයි.
මෙම අංශයේ රාජකාරි පවත්වාගෙන යාම සඳහා කාර්යාල කාර්ය මණ්ඩලයක් සිටී. ඒ අතර ලේඛකාධිකාරී, ප්‍රධාන ලිපිකරු, සංවර්ධන නිලධාරි, කලමනාකරණ සේවා නිලධාරි ප්‍රමුඛ වන අතර කාර්යාල කාර්ය සහයක වරුන් වැනි තනතුරු ද හඳුනාගත හැකිය.
ලේඛකාධිකාරී
ප්‍රධාන කළමණාකරණ සේවා නිළධාරී
සංවර්ධන නිළධාරී
කළමණාකරණ සේවා නිළධාරී
කාර්යාල කාර්ය සහායක